Xpress Pearl නෞකා අනතුරෙන් මෙරටට ලැබෙන්න තිබූ වන්දියක් නොගෙන ඒ සඳහා ඩොලර් මිලියන 250ක් අල්ලස් ගෙන ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතර බෙදා ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කරයි.
අදාල නෞකා අනතුරෙන් අල්ලස් ගත් පුද්ගලා යයි පැවසෙන නම සහ රාජපක්ෂලාගේ සම්බන්ධතාවයක් ඇතැයි දැනගන්නට ඇති බවද හෙතෙම පැවසීය. ශ්‍රී ලංකා බංකොළොත් වන්නට ප්‍රධානම හේතුවක් වන්නේ වංචාව හා දූෂණය බව ජාත්‍යන්තර ආයතන ණය දෙන ආයතන දිගින් දිගටම පවසන්නේ මේ ආකාරයේ කාරණා නිසා බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.