ඩෙංගු රෝගීන් සහ මරණ සංඛ්‍යාව ඉහළට . . .

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බවත්, මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000ක් ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ, අනුව වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වන අතර එය 49% ක්. මේ අතර දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයි. එමෙන්ම යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවධාරණය කරමින් පසුගිය 26 වැනිදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය ලබන මස 02 වැනිදා දක්වා පැවැත් වෙනු ඇති.

ඒ, අනුව මෙම වැඩසටහනට සමගාමීව අද සිට බස්නාහිර පළාතේ නිවාස පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට‍යි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ..

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉඩම් කොමිසමේ ලිපිගොනු අස්ථානගතවේ . . .

Sat Apr 29 , 2023
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තුළ අස්ථානගතවී ඇති ලිපිගොනු සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වන ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ඉඩම් අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. 2015 වසරේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණයවී ඇත. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ එම කොමිෂන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x