විනෝදයට ඇති කළ පරෙවියන් මරා පුළුස්සා කයි . . .

විනෝදයට ඇති කළ පරෙවියන් සොරකම් කර එම පක්ෂීන් මරා පුළුස්සා ආහාරයට ගෙන සියල්ල ටික්ටොක් වීඩියෝවක් ආකාරයට සකස් කළ තරුණයින් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් විසින් අදාළ වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ පරෙවියන්ගේ අයිතිකරු වෙත යොමුකර තිබුණි.

මෙම සිදුවීම වාර්තා වී තිබුණේ අලුත්ගම දර්ගා නගරයෙනි. අලුත්ගම පොලීසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි.

පසුගිය 26 වනදා අලුත්ගම දර්ගා නගරය ඉස්තාපුල්ලා පාර ප්‍රදේශයේ නිවසක පරෙවියන් සිටි කූඩුවක් කඩා මෙම ක්‍රියාව සිදුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 18 සහ 20 යන වයස්වල පසුවන තරුණයින් ය.

සැකකරුවන් තිදෙනා හෙට (30) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුඩානයේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදා ගැනේ . . .

Sat Apr 29 , 2023
සුඩානයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු මුදාගෙන තිබේන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි නිකුත් කළ ටුවිටර් පණිවිඩයක දැක්වේ. ජෙඩාහි වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් එම පිරිස භාරගෙන ඇතැයි සඳහන් ය. මීට පෙර කාර්ටුම් අගනුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගත්තේ සෞදි අරාබියේ සහය ඇතිවයි. සුඩන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x