සුඩානයේ ගැටුම්වලට මැදිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු මුදාගෙන තිබේන බව විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි නිකුත් කළ ටුවිටර් පණිවිඩයක දැක්වේ.
ජෙඩාහි වැඩබලන කොන්සල් ජනරාල්වරයා විසින් එම පිරිස භාරගෙන ඇතැයි සඳහන් ය. මීට පෙර කාර්ටුම් අගනුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු මුදා ගත්තේ සෞදි අරාබියේ සහය ඇතිවයි.
සුඩන හමුදා සහ අතුරු හමුදා අතර පවතින ගැටුම් හේතුවෙන් මිය ගොස් ඇති පිරිස 500කට අධික බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. තුවාල ලැබූ පිරිස 4200කට අධිකයි.