දේපල සඳහා බදු අයකිරීමක් . . .

 

දේපල සඳහා වන බදු අයකිරීමක් 2025 වසරේ සිට හඳුන්වාදීමට නියමිතය.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකට එක්වෙමිනි. මෙරට පුද්ගලයන්ගේ දේපළ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ආකාරයක දැනුවත්වීමක් රජයට නැති බවද පැවසූ ඔහු රටකට මෙවන් බද්දක් අවශ්‍ය බවද සඳහන් කළේය.

2003 වන විට දේපොළ බද්දක් ක්‍රියාත්මකව පැවතුනද එය ක්‍රමවත්ව නොතිබූ බවත් ක්‍රමවත්ව මෙම බද්ද සකස් කරන්නේ නම් විශාල ආදායමක් ලබාගත හැකි බවද ඔහු කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මුහුදු තීරයකින් පුද්ගල මළසිරුරු 200ක් හමු වෙයි . . .

Sat Apr 29 , 2023
නීතිවිරෝධී ලෙස අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කිරීමේ දී මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කෙලේ, ගත වූ දින 10 ක කාලය තුළ පමණක් ටියුනීසියාව ආසන්න මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසකගේ සිරුරු සොයාගෙන ඇති බව ය. මේ හේතුවෙන් ටියුනීසියානු මෘත ශරීරාගාරවල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x