මුහුදු තීරයකින් පුද්ගල මළසිරුරු 200ක් හමු වෙයි . . .

නීතිවිරෝධී ලෙස අප්‍රිකාවේ සිට යුරෝපයට සංක්‍රමණය වීමට තැත් කිරීමේ දී මියයන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කෙලේ, ගත වූ දින 10 ක කාලය තුළ පමණක් ටියුනීසියාව ආසන්න මුහුදු තීරයේ දී දියේ ගිලී මියගිය පුද්ගලයින් 200 කට ආසන්න පිරිසකගේ සිරුරු සොයාගෙන ඇති බව ය.

මේ හේතුවෙන් ටියුනීසියානු මෘත ශරීරාගාරවල ඉඩකඩ ඇහිරෙමින් පවතිනයි. නීතිවිරෝධී සංක්‍රමණ නවතා දැමීමට තම ආරක්ෂක අංශ උපරිම උත්සහයක නිරතවන බව ටියුනීසියානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කර ඇති අතර ටියුනීසියානු වෙරළ තීරයේ කොටසක් ඉතාලි දූපතක් වන ලැම්පෙඩුසා සිට කිලෝමීටර 150 ක් පමණ දුරින් පිහිටා ඇත.

කෙසේවෙතත්, ගැටුම් සහ දරිද්‍රතාව හේතුවෙන් අප්‍රිකාවේ සහ මැදපෙරදිග රටවල සිට යුරෝපා රටවලට පලායන සංක්‍රමණිකයන් අනාරක්ෂිත ලෙස යාත්‍රාවලින් මේ හරහා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය සිනමාව ගැන වැඩමුළුවක් . . .

Sat Apr 29 , 2023
ඉන්දියානු සිනමාව පිළිබඳ වැඩමුළුවක් කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ගරු අරුන්දික ප්‍රනාන්දු  සහභාගී විය. නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ් සමාරම්භක අවස්ථාවට සහභාගී වූ අතර කන්නඩ සිනමාවේ අධ්‍යක්ෂකවරයකු, නළුවකු, තිර රචකයකු සහ ගීත රචකයකු වන ආචාර්ය නාගතිහල්ලි චන්ද්‍රශේකරන් ප්‍රමුඛ දූත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x