අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට . . .

අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවැත්වෙන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල පහත දමා තිබේ.

ඒ අනුව මිල ගණන් පහත බසිනුයේ ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රුපියල් 135කින් වශයෙන්.

ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333ක් ද, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක් ද, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330ක්ද ලෙස මිල ගණන් නව සංශෝධනයට යටත් වනු ඇති.

ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හි මිල ගණන් වෙනසක් නොවන අතර, එම මිල ගණන් ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295ක් වශයෙන් හා ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330ක් වශයෙන් ක්‍රියාත්මක වනු ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැයි රැළි සහ සැමරුම් උත්සව පැවැත්වෙන ස්ථාන . . .

Sun Apr 30 , 2023
හෙට (මැයි 1) දිනයේ ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර මැයි දිනය යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් හෙට සිය මැයි රැලි පැවැත්වීමට මේ වන විටත් කටයුතු රැසක් සුදානම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදීය.එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x