උසස් පෙළ පාසල් ගැන රතු එළියක් . . .

අපේ රටේ උසස් පෙළ පාසැල් 2952 ක් අතරින් පාසැල් 1941 ක උසස් පෙළ විද්‍යා විෂය ධාරාව නොමැති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අලු‍තෙන් ආරම්භ කරන ලද වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයට නවක සිසුන් බඳවා ගැනීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමින්.

වැඩිදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටියේ, අපේ රටේ තියෙන උසස් පෙළ පාසැල් 2952 ක් අතරින් පාසැල් 1941 විද්‍යා විෂය ධාරාව නොමැති බවත් ඒ කියන්නේ 65.75% ක් පාසල්වල උසස් පෙළ විද්‍යා විෂය හදාරන්න බෑ. අපි වෛද්‍ය විද්‍යාලවලට තෝරා ගන්නවා සිසුන් 2038 ක්.

මේ අවුරුද්දේ ඒ 2038 තෝරගෙන තියෙන්නෙ පාසල් 34.25%කින්. අනිත් පාසල්වල විද්‍යා විෂය නැති නිසා- අපි කෝප් කමිටුවේදී ඉදිරිපත් කළා මේ දත්ත. එහිදී අපිව පැසසුමට ලක් කළා. මේවා ජනගත කිරීම සම්බන්ධව ඉදිරි වසර කිහිපයක් ඇතුළත විද්‍යා විෂය ගමට ගෙන යෑම සඳහා පුළුල් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි.

තවද ඒ නමයක් තියාගෙන විද්‍යා විෂය නොකරන දරුවෝ ඉන්නවා 239ක්. ඒ අටක් තියාගෙන විද්‍යා විෂය නොකරන දරුවෝ ඉන්නවා 325 ක්. ඒ හතක් තියාගෙන විද්‍යා විෂය නොකරන දරුවෝ ඉන්නවා 754ක්. ඒ හයක් තියාගෙන විද්‍යා විෂය නොකරන දරුවෝ ඉන්නවා 858ක්. ඒ පහක් තියාගෙන විද්‍යා විෂය නොකරන දරුවෝ ඉන්නවා 1305ක්. ඇත්තටම ඒ පාසල්වල විද්‍යා විෂය නෑ.

මෙහි අනිත් පැත්ත තමයි මෙය සමාජ ගැටළුවක් බවට පත්වීම. විශේෂයෙන් මේ පාසල්වල තියෙන්නේ කලා විෂය ධාරාව. ඒ නිසා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ප්‍රසාරණය වෙලා තියෙන්නේ කලා විෂයයන්. ඒ නිසා දැන් ඉන්න ශිෂ්‍යයන්ගෙන් 25%ක් ම කලා විෂය ධාරාවේ දරුවන්. ඒ නිසා දරුවන්ට අපිට මෙහිදී විවේචනයක් ඉදිරිපත් කරන්න බැහැ. ඔවුන් කලා විෂය ධාරාවට ඇවිල්ල තියෙන්නේ විද්‍යා විෂය නැති නිසා.

ජීව විද්‍යා විෂයට පොලඹවා ගන්න අපට පුළුවන් කමක් නැහැ. විද්‍යා විෂයට ලෝකේ විශාල ඉල්ලු‍මක් තියෙන නමුත් දරුවන්ව අපිට යොමු කරන්න විදිහක් නෑ. අපි විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීම විශාල වශයෙන් වැඩි කරා. වෛද්‍ය විද්‍යාල වලට බඳවා ගැනීම 33% කින් හා ඉංජිනේරු පීඨය සඳහා 33% කින් වැඩි කළා.

මේ අවුරුදු තුනක් ඇතුළත රටේ කොවිඩ් ආර්ථික පරිහානිය මැද්දේ විද්‍යා, කෘෂිකර්ම සහ සම සෞඛ්‍ය සිසුන් බඳවා ගැනීම් 41% කින් වැඩි කළා. ලෝක ඉල්ලුමත් එක්ක තාක්ෂණ විෂයන් සඳහා සිසුන් බඳවා ගැනීම් 48% කින් වැඩි කළා.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි පිරිනැමෙන දෙවන උපාධි ආයතනය වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතන වන අතර ශ්‍රී ලංකාවේ පශ්චාත් උපාධි ආයතන හතරක් සහිත එකම විශ්වවිද්‍යාලය වන්නේද පේරාදෙණිය විශ්වවිද්‍යාලයයි.

ඊට අමතරව අද දින පළමු ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගත් පේරාදෙණිය විශ්වවිද්‍යාල වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සුවිශේෂත්වය වන්නේ වෛද්‍ය වෘත්තිකයින්ට අමතරව වෙනත් වෘත්තිකයින් හටද මෙම ආයතනය මගින් පශ්චාත් උපාධි ලබා ගැනීමට අවස්ථාව හිමිවීමයි.

මෙම අවස්ථාව සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂක මහාචාර්ය සමත් ධර්මරත්න  සමග විශ්වවිද්‍යාලයේ සියලු‍ පීඨවල පීඨාධිපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සල්මාන් ඛාන්ට පාතාලයේ තර්ජන . . .

Mon May 1 , 2023
පාතාලයේ තර්ජන හේතුවෙන් තමා ජීවත්වන්නේ බියෙන් බව ප්‍රකට බොලිවුඩ් නළු සල්මාන් ඛාන් පවසා තිබේ. මෙසේ ඔහුට මරණ තර්ජන එල්ල වී තිබෙන්නේ, ප්‍රකට පාතාල නායකයකු වන ලෝරන්ස් බිෂ්නෝයි ගෙන්ය. ඒ නිසා සල්මන්ගේ පෞද්ගලික ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත. ඉන්දීය රූපවාහිනී වැඩසටහනයකට එක්වෙමින් ද සල්මන් තමන්ට එල්ල වී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x