ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන රතු මැයි රැලියට අති විශාල ජන සහභාගිත්වයක් දක්නට ලැබේ.
අද (01) පසුවරු 2.30ට බී.ආර්.සී පිටියෙන් ඇරඹි පෙළපාලිය පස්වරු 4.30 පමණ වනවිට විහාරමහාදේවී උද්‍යානය අසළට පැමිණි අතර මේ වනවිට ඒහිදී මැයි දින රැලිය ආරම්‍භ කර තිබේ.
ජවිපෙ රතු මැයි රැලිය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් මෙන්ම ජාතික ජන බලවේගයේ නායකයින්ද සහභාගී වී සිටිති.