බිරිඳ ඝාතනය කිරීමට ඉන්සියුලින් අධිමාත්‍රාවක් දුන් වෛද්‍යවරයෙක් අත්අඩංගුවට . . .

බිරිඳට ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත කර ඝාතනය කිරීමට තැත් කළ ස්වාමිපුරුෂයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බම්බලපිටිය පොලිස් වසමේ පදිංචි අදාළ කාන්තාව සිහිසුන්ව අසාධ්‍ය තත්ත්වයේ කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර රෝගී වීම සැක සහිත බවට පොලිසියට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. එහිදී මෙම කාන්තාවට ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත වීම හේතුවෙන් මෙසේ අසනීප වී ඇති බව කාන්තාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් දැනුම් දී ඇත.

ඒ අනුව, වැඩිදුර විමර්ශනයේදී මෙම කාන්තාවගේ සැමියා ඉන්සියුලින් ඖෂධය අධිමාත්‍රාවක් ශරීරගත කර ඇති බවට අනාවරණය වීමෙන් පසු ඊයේ (අප්‍රේල් 30) දින බම්බලපිටිය පොලිස් ස්ථානයේදී අත්අඩංගුවට ගෙන  තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33 ක් වූ ලෙයාඩ්ස් පාර, කොළඹ 5 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු ත්‍රිකුණාමලය රජයේ රෝහලේ වෛද්‍යවරයෙකු බවට අනාවරණය වී ඇත.

එහිදී සැකකරු ඖෂධ ශරීරගත කිරීමට භාවිත කළ බවට සැකකරන සිරින්ජර් කටුවක් ද සැකකරුගේ නිවසේ තිබී සොයා ගෙන ඇති අතර ඔහු දින කිහිපයකට පෙර මෙම ඖෂධය ශරීරගත කර ඇති බවට දැනට සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

රෝගී කාන්තාව කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධියට සම්බන්ධව සැකකරු අද (මැයි 1) දින අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

බම්බලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ව්‍යාජ වීසා වෙබ් අඩවි ලැයිස්තුව . . .

Mon May 1 , 2023
කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ඊ- වීසා ලබා දෙන පවසමින් වංචනික ලෙස පවත්වාගෙන යනු ලබන වෙඩ් අඩවි කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු නිකුත් කර තිබේ. අදාල නිවේදනයෙන්, ඔවුන් පවසන්නේ මෙම වෙබ් අඩවි හරහා ව්‍යාජ ලෙස ඉන්දියානු ඊ- වීසා ලබා දෙන බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවය. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x