ලොව වෛද්‍ය විද්‍යාවේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් ගබ්සා පෙත්තට ජපාන රජය අනුමැතිය දී තිබෙනවා.
නමුත් එය ශරීරගත කළ හැක්කේ කාන්තාව ගැබ්ගෙන සති 9ක් ඇතුළත පමණක් බවත්, එම කාලසීමාව ඉක්මවා ගිය කල්හි ගබ්සා පෙත්ත භාවිතයට නීතියෙන් අවසර හිමි නොවන බවත් විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා.
බ්‍රිතාන්‍යයේ ලයින් ෆර්මා වෛද්‍ය රසායනාගාරයේ නිෂ්පාදනයක් වන මෙම ගබ්සා පෙත්ත එකවර නොව අදියර දෙකකින් ලබාගත යුතු බවත් සඳහන්.
ගබ්සාව, ගැබ්ගෙන සති 22ක් තුළ සිදු කිරීමට ජපානයේ නීතියෙන් අවසරය තිබෙනමුත් ඒ සඳහා පුරුෂයාගේ හෝ කාන්තාවගේ කැමැත්ත අනුව නීත්‍යනුකුලව සිදු කරගත යුතු බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.