පුහුණුවට විදෙස්ගත වූ වෛද්‍යවරුන් අතුරුදන් . . .

පුහුණුව සඳහා විදෙස්ගත වූ වෛද්‍යවරුන් 400 කට ආසන්න සංඛ්‍යාවක් මෙතෙක් දිවයිනට පැමිණි නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනවා.

මේ වසර තුළ පුහුණුවට විදේශගත වූ විශේෂඥ වෛද්‍යවරු 67 දෙනෙකු යළි මෙරටට පැමිණ නැති බවයි ඔවුන් වැඩිදුරටත් පේනවා දෙන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන වැඩිදුරටත් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළැඹීමෙන් අනතුරුව ඔවුන් විදෙස්ගත වී ඇති බවයි.

එලෙස වෛද්‍යවරු විදෙස්ගත වීම පසුගිය කාලය පුරාවටම දක්නට ලැබුණු සුලභ කරුණක් වූවද මේ හේතුවෙන් රෝහලවල වෛද්‍ය ඒකක පවා වසා දැමීමට සිදු වී තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුද ඉල්ලයි . . .

Tue May 2 , 2023
ඉන්දීය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු තීරයේ බාධාවකින් තොරව මසුන් මැරීම සඳහා අවසරයක් සීමිත කාලයට ලබාදෙන ලෙස තමිල්නාඩු ධීවර සංගම් තමිල්නාඩු මහ ඇමති වරයාගෙන් ඉල්ලා තිබේ. ඉන්දියානු මධ්‍යම රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති මසුන් මැරීමේ තහනම නිසා ඉන්දීය ධීවරයන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත ඇති නිසා ඊට සහනයක් ලෙස මෙම ඉල්ලීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x