බුදු පිළිමය පෙරලා දමයි . . .

මුලතිව් කෝකිලායි මෝය ප්‍රදේශයේ ඉදිකොට තිබූ කුඩා බුදුමැදුරකට හා බුදු පිළිමයකට හානිකල අයෙක් ඊයේ (01) සවස අත්අඩංගුවට ගත් බවට කෝකිලායි පොලීසිය පවසයි.

කෝකිලායි පොලීසියට අදාල බුදුමැදුරට අයෙකු විසින් හානිකරන බවට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිදුකල පරික්ෂණයකදී මෙම පුද්ගලයා අත් අඩංගුවට ගනු ලැබීය.

බුදුමැදුරේ බිත්ති කිහිපයකට හානිකොට ඇති අතරම බුදු පිළිමය බුදුමැදුරෙන් ඉවතට ගෙන පෙරලා දමා තිබියදී අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී පෙරලුනු බුදුපිළිමයටද හානි සිදුව ඇත.

අදාල ක්‍රියාව සිදුකල පුද්ගලයා එලෙස හානි කිරීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිසියම් මානසික ආතතියක් පෙළෙන අයෙකුද යන්න පිළිබඳව සැක සහිත බවටද පොලීසිය පවසයි.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව උඩප්පු ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවටද පරික්ෂණ සිදුකරන කෝකිලායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නැවතත් අරගලයක් අවශ්‍යයි . . .

Tue May 2 , 2023
මුළු රටම බංකොලොත් වී හොම්බෙන් යන අවස්ථාවක මහලු මිනිහෙකුට ආශ්චර්යය කරන්න ඉඩ දී බලා සිටිය නොහැකි බව වෘත්තිය සමිති හා බෞද්ධ සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ් සඳහන් කරයි. ඒකාබද්ධ මැයි දින රැලිය මාලිගාවත්ත පී ඩී සිරිසේන ක්‍රීඩාංගනයේදී අමතමින් හෙතෙම මේ බව කියා  සිටියේය. අද වන විට රට පාලනයෙන් ගිලිහී අවසන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x