ශ්‍රී ලංකාවට තවත් සිවිල් ගුවන්තොටුපොළක් . . .

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ගුවන් හමුදාව මගින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබයි.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ එම අමාත්‍යාංශයේදී සිදුකර තිබේ.

අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැනට මීටර් 2287ක දිගින් යුතු ධාවන පථය මීටර් 2800ක් පමණ දිගු කිරීම, මේ සඳහා පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම, ගුවන්යානා අංගනයක් ඉදිරිකිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාළක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදී මූලික අත්‍යවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බවය.

මෙම තීරණය සමඟ පොලොන්නරුව සීගිරිය අනුරාධපුරය දඹුල්ල වැනි නගර වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට පහසුවක් හිමිවනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවසරකින් තොරව බොරතෙල් සැපයුම්කරු මාරු කරයි . . .

Wed May 3 , 2023
ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයීමේ ටෙන්ඩරය ලැබූ සමාගම ශ්‍රී ලංකා ආණ්ඩුවේ අවසරකින් තොරව වෙනත් සමාගමකට බොරතෙල් සැපයීමේ අවස්ථාව දී ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව එම දෙවැනි සමාගමෙන් බොරතෙල් ලබාගෙන ඇති බවත් ලංකා ඛනිජ තෙල් වෘත්තිය සමිති චෝදනා කරයි. අදාල දෙවැනි සමාගමෙන් බොරතෙල් මිලදීගැනීමට නීතිපතිවරයා සහ බොරතෙල් මිලදී ගැනීමේ විශේෂ ප්‍රසම්පාදන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x