විදුලි බලාගාර පෞද්ගලික සමාගම් යටතට . . .

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ඇතුළු සියලු දේපළ පෞද්ගලික සමාගම් 14 කට පවරා දීමට නව විදුලිබල මණ්ඩල පනත මගින් යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක අනාවරණය කළේය.

එම කොමිෂන් සභාවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී යෝජිත නව විදුලිබල පනතේ පිටපතක් මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ ජනක රත්නායක මෙසේද කීවේය.

‘ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් ඒ සඳහා වන යෝජනා ඉදිරිපත් කිරීමට අනුකමිටුවක් පත් කළා. එහි සාමාජිකයින් බොහෝ දෙනෙක් විදුලිබල මණ්ඩලයට සම්බන්ධ ප්‍රවීණයන්. එහිදී කැබිනට් මණ්ඩලය මගින් තීරණය කර තිබුණේ විදුලි සම්ප්‍රේෂණයට හා බෙදාහැරීමට පමණක් අදාළ වන යෝජනා සකස් කිරීමටයි.

මෙම කමිටුව මගින් මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පතේ පිටපතක් රහසිගතව මා අතට පත්වුණා. මෙහි ඉතා භයානක යෝජනා ගණනාවක් ඇතුළත් වෙනවා. මෙම පනතට අනුව විදුලිබල මණ්ඩලයේ සමාගම් පනතට අනුව ආයතන 14 කට කඩලා මණ්ඩලය සතු සියලු නිශ්චල හා චංචල දේපල එම සමාගම්වලට පවරාදීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සියලු විදුලි බලාගාර පුද්ගලික සමාගම් යටතට පත්වෙනවා. එහි ඇති අනතුර මේ පාලකයින්ට නොපෙනීම අවාසනාවක්. දැන් බලමු නොරොච්චෝලේ බලාගාරය. ලංකාවේ විදුලි සැපයුමෙන් 40% ක් නිපදවන්නේ නොරොච්චෝලේ. එහි අයිතිය සමාගමකට පැවරීම මොනතරම් භයානකද?

ඒ වගේමයි ලංකා විදුලිබල මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල් කාර්යයන් ඉටුකිරීමත් එක් සමාගමක් යටතට පැවරීමට යෝජනා වෙලා.

විදුලිබල ඇමැතිවරයා තමන්ගේ සීමාවෙන් පිට කටයුතු කරමින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර ඒ වෙනුවට විදුලිබල කොමිසමක් ඇති කිරීමට මෙම පනතෙන් යෝජනා කර තිබෙනවා.

ජල විදුලි බලාගාර පාලනය සමාගම් යටතට භාරදීමෙන් පසුව එම සමාගම් වලට අවශ්‍ය පරිදි ජලය නිකුත් කිරීමේ බලය ලබාදීමට මෙම පනතෙන් යෝජනාවී තිබෙනවා. මේ බලාගාර ඉදිකර තිබෙන්නේ ජනතාවගේ මුදලින්. එහෙම නම් කොහොමද ඒවා සමාගම්වලට පවරා දෙන්නේ.

විදුලිබල ඇමැතිවරයාට මහජන උපයෝගිතා කොමිසම හිසරදයක් වෙලා. ඔහු හැමවිටම උත්සාහ කළේ මෙම කොමිසම අහෝසි කිරීමටයි. යෝජිත නව පනත මගින් ඇමැතිවරයා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයින් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය අතට ගෙන තිබෙනවා.

ආණ්ඩුව කිව්වේ නව පනත සකස් කරන්නේ විදුලිබල මණ්ඩලයේ අලාභය පියවා ගන්න ක්‍රමවේදයක් සකස් කිරීමට කියලා. නමුත් මේ පනතේ එවැන්නක් නැහැ. මේක ප්‍රතිසංස්කරණයක් නොවෙයි. රජයේ දේපළ විකුණාගෙන කෑමට හදපු පනතක්. වහාම මේ පනත සංශෝධනය කිරීමට රජයට බල කළ යුතුයි’

– Divaina

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වාහන ආදායම් බලපත‍්‍ර අන්තර්ජාලයෙන් ගෙදරටම . . .

Wed May 3 , 2023
රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධ ව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මක වේ. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x