අධිකරණයෙන් ධනුෂ්ක ගුණතිලකට ලැබුනු නියෝගය . . .

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර ඇත.

එහිදී ඔහුගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුෂ්කගේ නීතිඥයින් මෙම තර්කය ඉදිරිපත් කර තිබේ.

ඔහුගේ නීතිඥයින්  ගුණතිලක වෙනුවෙන් ඇප ඉල්ලීම තවත් සති දෙකක කාලයක් දක්වා කල්දැමීම හේතුවෙන් මේ බව පවසා ඇත. එහිදී ඔහුගේ නීතිඥන් වැඩිදුරටත් පවසා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බවත් දීර්ඝ කාලයක් තිස්සේ එරට නඩු කටයුත්තකට සම්බන්ධ වීම හරහා මේ වනවිට මහත් අපහසුතාවයකට පත්ව ඇති බවය.

අදාළ නඩුව එළඹෙන 18 වනදා යළි කැඳවීමට නියමිතව ඇත. පසුගිය වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔස්ට්‍රේලියාව බලා ගිය ධනුෂ්ක ගුණතිලක එරට තරුණියක් අතවරයට ලක්කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන මේ වනවිට දැඩි ඇප කොන්දේසි මත නිදහස්ව සිටී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත් රජෙක් ඔටුනු පළඳියි . . .

Thu May 4 , 2023
වසර 70කට පසු එංගලන්තයේ අලුත් රජෙක් ඔටුනු පළඳියි. ඒ එරට රාජකීය ධූරාවලියේ හැටදෙවැනි රජු ලෙස ඉතිහාසයට එක්වන 74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජුය. තුන්වැනි චාල්ස් සහ කැමිලා රාජමහේසිකාවගේ ඔටුනු පැළඳීමේ මංගල්ලය වසර 1200කට වඩා ඉපැරැණි ඓතිහාසික ඓශ්චර්යයක් නැවත ලන්ඩනය කරා සම්ප්‍රාප්ත කර තිබුණි. ඒ අනුව 2023 වසරේ මැයි 6 වැනිදා ඉතිහාසයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x