රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන අභාවප්‍රාප්තවේ . . .

ප්‍රවීණ සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී ඥාානාංග ගුණවර්ධන අද (4) අභාවප්‍රාප්ත විය.

කළා විභූෂණ සම්මාන ලාභී රංගන ශිල්පියෙක් වන ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78 වැනි වියේ පසුවිය. දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාවක හෙට (5) පෙරවරු 8.30 සිට තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අනිද්දා (6) සෙනසුරාදා  පස්වරු 3.00 ට සිදුකෙරේ.

නාලනී ගුණවර්ධන ගේ ස්වාමිපුරුෂයා වන ඥාානාංග ගුණවර්ධන යුරේන්ද්‍ර ගුණවර්ධන සහ ඉසුරුවර ගුණවර්ධන යන පුතුන් දෙදෙනාගේ සහ චතුරිකා ගුණවර්ධන දියණියගේ පියාණන් වේ.

ටෙලිනාට්‍ය දහසකට අධික සංඛ්‍යාවකට සහ චිත්‍රපට 100 කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඥාානාංග ගුණවර්ධන නෝනාවරුනේ මහත්වරුනේ, තට්ටු ගෙවල් සහ පුංචි වළව්ව යන ටෙලිනාට්‍යවලින් විශාල ජනප්‍රියත්වයක් ලැබීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිකරණයෙන් ධනුෂ්ක ගුණතිලකට ලැබුනු නියෝගය . . .

Thu May 4 , 2023
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු ගාස්තුව නිව් සවුත් වේල්ස් නීති බලධාරීන් විසින් ගෙවිය යුතු බවට අධිකරණයේ හමුවේ ඔහුගේ නීතිඥයා විසින් තර්කයක් ඉදිරිපත් කර ඇත. එහිදී ඔහුගේ නීතිඥයා පවසා ඇත්තේ නඩු විභාගය දිගින් දිගටම පමාද වීම හමුවේ මෙම නඩු ගාස්තු අදාළ බලධාරීන් විසින් ගෙවිය යුතු බවය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණයකදී අද ඊට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x