රක්‍ෂණ මුදල් ගන්න බිරිඳව ඝාතනය කරයි . . .

තම බිරිඳගේ ජීවිත රක්ෂණ මුදල් ලබා ගැනීමට බිරිඳව ඝාතනය කළ සැමියෙක් පිටිගල පොලිසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැණින.

වයස අවුරුදු 24ක් වන ඔහු සිය මිතුරෙකුට රුපියල් ලක්ෂ විස්සක් සහ කුලී රථ සමාගමකින් ජීප් රථයක් ද ලබා දී මිතුරා ලවා මෙම අනතුර සිදු කර ඇත්තේ. පසුගිය අප්‍රේල් මස 30 වැනි දින පිටිගල මාපලගම ප්‍රදේශයේ දී අදාළ කාන්තාව අනතුරට ලක් කර තිබෙනවා.

එම ස්ථානයේදී ම ඇය මිය ගොස් ඇති අතර මිය ගිය කාන්තාව වයස අවුරුදු 40ක් වන අයෙක් ය. ඇය සතුව ජීවිත රක්ෂණ 4ක් තිබූ බවත් අදාළ තරුණයා මෙම කාන්තාව ඝාතනය කර ඇය සතු වූ ජීවිත රක්ෂණ හතරෙහි වන්දි මුදල් ලබා ගැනීමට තැත් කර ඇති බවත් පොලිසිය සඳහන් කළේ ය.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථයේ රියදුරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පිටිගල පොලිසිය පවසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෛරස් උණ කොවිඩ් ප්‍රභේදයක් විය හැකි . . .

Thu May 4 , 2023
මේ දිනවල පැතිර යන වෛරස් උණ තත්ත්වය කොවිඩ් වෛරසයේ තවත් නව ප්‍රභේදයක් විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ‘මව්බිම’ට ඊයේ (මැයි 3) පැවසීය. සෑම ප්‍රදේශයක ම මේ වන විට පැතිර ඇති එම රෝගයේ ස්වභාවය හා කොවිඩ් රෝගයේ ව්‍යාප්තියේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේද ඇතිවිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x