කටුනායක ගුවන් තොටුපලට පැමිණි යානා තුනක් අයහපත් කාලගුණ තත්ත්වය මත මත්තල ගුවන් තොටුපල වෙත හරවා යවා තිබේ.
ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන පැවති අධික වැසි සහ අකුණු ගැසීම මත මෙම පියවර ගත් බව ගුවන්තොටුපළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මෙල්බර්න්, මාලේ, දමාම් සිට පැමිණි ගුවන් යානා තුනක් මෙසේ මත්තල දක්වා හරවා යවා තිබේ.
ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි යානය මගින් හා කාර්ය මණ්ඩලය 300ක් පමණ සිට ඇති අතර ඔවුන් ඊයේ රාත්‍රියේ මත්තල ගුවන් තොටුපලට ගොඩබැස්සවීමෙන් පසු බස්රථ මගින් කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.