පහරකෑමට ලක්වූ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් . . .

පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් පිරිසෙන් පුද්ගලයින් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොලේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 4ක් වෙයි.

ඊයේ නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සඳහා ගිය පාරිභෝගික කටයුතු අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිළධාරීන් පිරිසක් මෙම පහරකෑමට ලක්වී තිබුණි. ඒ, බිත්තර තොග සඟවාගෙන සිටින බවට ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.

සිද්ධියෙන් නිලධාරීන් 05 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රසන්නගෙන් මරණ තර්ජන . . .

Fri May 5 , 2023
අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගෙන් තමන්ට හිරිහැර කරදර බොහෝ සිදුවන බව තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන රන්ජීවී ද සිල්වා  සඳහන් කරයි. අමාත්‍යවරයා ගෙන් තමන්ට විවිධ ආකාරයේ තර්ජන ඇති බවත් මරණ තර්ජන පවා එල්ල වී ඇති බවත් පුද්ගලික මෝටර් රථයෙන් තමන් අනතුරට පත් කරවන්ට උත්සාහ කල බවටත් ඇය චෝදනා කරයි. මේ සම්බන්ධයෙන් අධිකරණයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x