
අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගෙන් තමන්ට හිරිහැර කරදර බොහෝ සිදුවන බව තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන රන්ජීවී ද සිල්වා සඳහන් කරයි.
අමාත්‍යවරයා ගෙන් තමන්ට විවිධ ආකාරයේ තර්ජන ඇති බවත් මරණ තර්ජන පවා එල්ල වී ඇති බවත් පුද්ගලික මෝටර් රථයෙන් තමන් අනතුරට පත් කරවන්ට උත්සාහ කල බවටත් ඇය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් අධිකරණයේ ගොනුකර ඇති නඩුවකට සාක්ෂි දීම සඳහා කඩුවෙල අධිකරණයට පැමිණිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇය මේ බව කියා සිටියාය.
Fri May 5 , 2023
ලොව ප්‍රථමවරට මවගේ ගර්භාෂය තුළදීම මොළයේ සැත්කමක් සිදුකළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ. අමෙරිකාවේ බොස්ටන් ළමා රෝහලේදී මෙම සැත්කම සිදුකර ඇත. අදාළ සැත්කම සිදුකර ඇත්තේ සති 34 ක් පමණ මවගේ කුස තුළ වැඩුණු බිලිඳියකටය. වෛද්‍යවරුන් පවසන්නේ අදාළ සැත්කමෙන් අනතුරුව මේ වනවිට ඇය සෞඛ්‍ය සම්පන්නව වැඩෙමින් සිටින බවය. සැත්කම සිදුකර දින දෙකකට පසුව එම […]