ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නයි දැනුම්දෙයි . . .

ජනපති කාර්යාලය මගින්, පළාත්  හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ. එනම් නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත.

ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බවයි දැක්වෙන්නේ.

නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්වූ පසු ඉහත සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස් නොවූ නිසා ඔවුන් ස්වෙච්ඡාවෙන්  ඉල්ලා අස්වන තෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බව ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

අදාල ආණ්ඩුකාරවරුන් ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ජනාධිපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු සිදු කිරිමට නියමිතයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පහරකෑමට ලක්වූ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් . . .

Fri May 5 , 2023
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට පහරදුන් පිරිසෙන් පුද්ගලයින් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. එලෙස බන්ධනාගාරගත කෙරුණු පිරිස අතර ගොවිපොලේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 4ක් වෙයි. ඊයේ නාරම්මල ප්‍රදේශයේදී වැටලීමක් සඳහා ගිය පාරිභෝගික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x