උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම ආරම්භ කරයි . . .

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.

ඒ් අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වී ඊයේ (4) පස්වරුවේ තීන්දුවක් ගෙන ඇත.

උපයනවිට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම මාස දෙකහමාරකින් පමණ පමා වී ඇත.

දැනටමත් ආරම්භ කර ඇති පිළිතුරු පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් රටපුරා තවත් මධ්‍යස්තාන දහයකදී ලබන සඳුදා පිළිතුරු පත්‍ර ඇගැයීම ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කළුතර හෙල්ලූ සුළඟ . . .

Fri May 5 , 2023
කළුතර නගරය හා අවට ප්‍රදේශ රැසකටම ඊයේ රාත්‍රියේ කාලයේ දී හමාගිය තද සුළං තත්වය හේතුවෙන් කළුතර නාගොඩ මංසන්ධියේ පිහිටි නිවාස ව්‍යාපෘතියක නිවාස රැසකම වහලවල් සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ, පැයක පමණ කාලයක සිට හැමු තද සුළඟක් නිසා ඔවුන්ගේ නිවාසවල වහලවල් ගැලවී ගොස් ඇති බවයි. එක් නිවසක වහලක් අනෙක් නිවස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x