කජුගමදී බස් දෙකක් මුහුණට මුහුණ ගැටෙයි . . .

කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුගම ප්‍රදේශයේ දී අද (5) උදේ සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු විසි තුන් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

මහනුවර සිට මීගමුව බලා ගමන් ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා කොළඹ සිට මුතූර් බලා ගමන් ගත් ලංගම බස් රථයක් මුහුණට මුහුණලා ගැටී  අනතුරට ලක්වීමෙන් මෙම පිරිස තුවාල ලබා ඇත.  බස් රථ දෙකේ රියදුරන් දෙදෙනා ද තුවාලකරුවන් අතර වේ. සියලු තුවාලකරුවන් වතුපිටිවල මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබීය.

එක් රියදුරකු  බොහෝ වේලාවක් කල් ගත කර සිටීමෙන් පසු තමන් ද තුවාල ලබා සිටින බව පැවසීමෙන්පසු ඔහුද රෝහල්ගත කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබීය . එම රියදුරාගේ පාදවලට තුවාල සිදුවී තිබිණි.

බස් රථ දෙකට ද දැඩි ලෙස අලාභ හානි වී තිබිණි . තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මේ සම්බන්ධව කළ විමසීමේ දී වතුපිටිවල  රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

නිට්ටඹුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක  මංජුල රාජපක්ෂ පොලිස් සැරයන් 2035 සුමේධ ඇතුළු නිලධාරීහු සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වති .

  • පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ඉ ජයකොඩි


Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වෙසක් පෝයට නිදහස ලබන්නෝ . . .

Fri May 5 , 2023
වෙසක් පෝය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 988 ක් අද (5) දිනයේ නිදහස් කරන බවත් එයට සිරකරුවන් 982 ක් සහ සිරකාරියන් 6 ක් ඇතුළත් බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසීය. අද (5) දිනට යෙදී ඇති වෙසක් පුර පසොළොස්වක පෝය දිනය වෙනුවෙන් මෙවර බන්ධනාගාරගත සිරකරුවන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x