අවාරයේ ශ්‍රි පාද කරුණාවට පොලිස් අවසර ඕනේ . . .

2022-2023 වර්ෂය සදහා පැවැත් වු ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දින (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.

ශ්‍රි පාද වන්දනා වාරය අවසන් විමත් සමග ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩ රත්නපුර රජමාවත ඔස්සෙත්, කුරුවිට එරත්න මාර්ගය ඔස්සෙත් , නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත්, නල්ලතන්නිය ලක්ෂපාන කළුගල අවිස්සාවේල්ල රත්නපුර යන මාර්ග ඔස්සේ වැඩම කිරිම (06) දින සිදු කෙරිණ.

ශ්‍රි පාද උඩ මළුවේ  සිට නල්ල්තනනිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩවලින් කොටසක් ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් වැඩම කරනු ලැබුහ.

මාර්ග හතරක් ඔස්සේ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානය දක්වා වැඩම කල සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩ (07) දින අළුයම තෙක් එහි තැන්පත් කර (06) දින රාත්‍රියේ සමන් දෙවියන් වෙනුවෙන් පැරණි චාරිත්‍ර අනුව ආගමික වතාවන් සහ දේව දාන ගණනාවක් පවත්වා එසේ වැඩම කල සදාතුක කරඩුව , සමන්දේව ප්‍රතිමාව , දේවාභරණ සහ පුජා භාණ්ඩ ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රි පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කරන බවයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් කියා සිටියේ.

ශ්‍රි පාද අවාරයේදි ශ්‍රි පාදස්ථානය කරුණා නොකරන ලෙසත්, එසේ ශ්‍රි පාදය කරුණා කරන්නේ නම් අදාල අංශ වෙතින් අවසර ලබාගෙන පරිසරය සහ ශ්‍රි පාදස්ථාන පුදබිම රැක ගනිමින් ශ්‍රි පාදස්ථානය කරුණා කරන ලෙසයි ශ්‍රි පාදස්ථානාධිපති නාහිමියන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටියේ.

ශ්‍රි පාද වන්දනා සමය සාර්ථකව අවසන් කිරිමට උපකාර කල පෞද්ගලික අංශයේ ආයතන කිහිපයකටම  නාහිමියන් විසින් උපහාර පුදා සහතික පත් පිරිනැමිණ.

මෙවර ශ්‍රි පාද වන්දනා සමග සාර්ථකව අවසන් කිරිමට උපකාර කල පොලිසිය , ත්‍රිවිධ හමුදාව , රාජ්‍ය සහ පෞද්ගලික අංශයට , විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ නන් අයුරින් උපකාර කල සියළු දෙනාට නායක හිමියන් සිය ස්තුතිය පුද කලහ.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොළොන්නරුවේ ඔක්සිජන් සොරකම . . .

Sat May 6 , 2023
  දීර්ඝ කාලයක සිට පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවු රෝහල් සේවකයෙකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද (06) පෙරවරුවේ සැකකරුවන් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x