ඉන්ධන බවුසරය වහලය උඩ . . .

කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් අද (06) අලුයම  2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.

බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් ප්‍රදේශවාසීන් විසින් එකතු කර ගන්නා අයුරු දක්නට  ලැබුණි. බවුසරය පෙරළී ඇත්තේ පස් දෙනකු නිදාගෙන සිටි නිවසක් මතට වන අතර ඔවුන් නිදා සිටි කාමරය බේරී ඇත්තේ අනූ නවයෙන් බව ප්‍රදේශවාසිහු පවසති.

ධාවනය වෙමින් තිබූ බවුසර් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කරන බව පොලීසිය කියයි.

  • සමන් පාලිත නානායක්කාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජාභිෂේකට ආරාධනා ලැබූ ලාංකික වෛද්‍යවරයා . . .

Sat May 6 , 2023
හිරු නොබසින අධිරාජ්‍යයේ රජු ලෙස පත්වන්නට යන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි වී සිටින ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකුට ආරාධනා ලැබී තිබෙනවා. මොහු නමින් හරීන් ද සිල්වා. කොවිඩ් වසංගතය කාලයේ එරට දී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා පිදුම් ලබා තිබෙන අතර එම පදක්කම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x