සහල් මිල ඉහළට . . .

 

මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සහල් මිලද ඉහළ යමින් පවතින බව පාරිභෝගික ජනතාව පවසති.

නාඩු සහල් කිලෝ එකක් රුපියල් 210කුත් කීරි සම්බා කිලෝ එකක් රුපියල් 275කුත් ලෙම තොග වශයෙන් අලෙවි වන අතර එහි සිල්ලර ‍වෙළඳාමේදී නාඩු සහල් රුපියල් 215ත් රුපියල් 220ත් අතර මිලකටත් කීරි සම්බා රුපියල් 280ක මිලකටත් අලෙවි වන බව වෙළඳසැල් අනුව වාර්තා වේ.

මෙවර මහ කන්නයේ රජය මගින් කීරි සම්බා වී මිලදී නොගැනීමත්, පාලන මිලක් නොපැවැත්වීමත් නිසා මෝල් හිමියන් වී කිලෝ හැට හතරේ (64) මිටියක් රුපියල් 7000ත් 8000ත් අතර මිලකට ගොවීන්ගෙන් මිලදී ගෙන තිබේ. ඒ අනුව මෝල් හිමියන් ගොවීන්ගෙන් වී මිලදී ගෙන ඇත්තේ කිලෝ එකක් රුපියල් 100ත් රුපියල් 125ත් අතර මිලකටය.

වෙළෙඳුන් පවසන්නේ මෝල්වලින් නාඩු සහල් ලබා ගන්නේ නම් එම තොගයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට කීරි සම්බා සහල් තොග ලබා ගැනීම අනිවාර්ය බවය. කුඩා මෝල්වලින් නාඩු සහල් ලබා දෙන්නේ කිලෝ එකක් රුපියල් 180ක මිලකට බවද වෙළෙන්දෝ පවසති.

කෙසේ වෙතත් සහල් සඳහා පනවා තිබූ සමාජ ආරක්ෂණ බද්ධ වන 2.5%ක ප්‍රමාණය මෝල් හිමියන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත් කළ අතර එහිදී කිලෝග්‍රෑමයකින් රජයට අහිමිවන රුපියල් 07කට ආසන්න බද්ධ ගොවියාට ලබා දෙන බව පැවසුවද එය කඩ කරමින් රජයේ පාලන මිලටත් රුපියල් 08ක් අඩුවෙන් වේළන ලද වී කිලෝග්‍රෑමයක් කුණු කොල්ලයට මිලදී ගැනීමට ඔවුන් කටයුතු කර තිබේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල් චාල්ස් රජු හමුවේ . . .

Sat May 6 , 2023
තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් ලන්ඩන් නුවර දී සිදු කෙරිණි. තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන්ගේ හමුවූ අතරතුර දී තෙවන චාල්ස් රජු සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුව සිදුවිය. මෙම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ද සහභාගී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x