කිරුළු පැළදී චාල්ස් රජු සහ කැමිලා බිසව . . .

තුන්වන චාල්ස් රජු බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථනයේ දී කිරුළ පළදිනු ලැබීය. ඒ දෙස් විදෙස් ආරාධිතයන් 2000 කගේ සහභාගිත්වයෙන්. බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සමග රජ මෙහෙසිය කැමිලා ද මෙහි දී ඔටුනු පළඳිනු ලබයි.

රාජාභිෂේක උත්සවය පැවති වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත චාල්ස් රජු සහ කැමිලා බිසව බකිංහැම් මාලිගයේ සිට පැමිණියේ විශේෂ රාජකීය පෙරහරකිනි. රජු සහ රැජින එම රාජකීය පෙරහරේ  පැමිණීමට යොදා ගෙන තිබුණේ දෙවන එලිසබෙත් රැජින විසින් භාවිත කළ රැජිනගේ දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි. වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානය වෙත පැමිණෙන මග දෙපස රැස්වූ විශාල ජනකායක් චාල්ස් රජු සහ කැමිලා බිසවට සුබ පැතුම් එක් කළෝය.

රාජාභිෂේකය පැවැත්වෙන දේවස්ථානයට පැමිණි පසු චාල්ස් රජු එඩ්වඩ් රජුගේ අසුන යනුවෙන් හදුන්වා ඇති විශේෂ රාජාභිෂේක පුටුවෙහි අසුන් ගත් අතර එය සියවස් ගණනාවක් ඉපැරණි කැටයම් සහිත ලී පුටුවක් වීම විශේෂත්වයක්. රාජකීයයන් කිරුළු පැළදීමේදී අසුන් ගැනීමට මෙම පුටුව යොදා ගැනීම බ්‍රිතාන්‍යය සම්ප්‍රදායයි.

හිරු නොබසින අධිරාජ්‍ය හෙවත් එංගලන්තයේ නව රජු ලෙස කිරුළු පැළදී තුන්වන චාල්ස් රජුගේ බිරිඳ වන කැමිලා බිසවට කිරුළු පැළඳීම රාජාභිෂේක මංගල්‍යයේදී සිදු විය. ඒ, ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ ය. කැමිලා බිසවට පෙර රජුට කිරුළු පැළඳීම සිදු වූ අතර, සිංහාසනයේ අසුන් ගැන්වූ රජුට පළමුව රාජාභරණ පැළඳවීම සිදු කෙරිණ.

කිරුළ පැළඳීමෙන් අනතුරුව රාජකීය සංගීත කණ්ඩායම රජු වෙනුවෙන් ප්‍රශස්ති වාදනයක් ද ඉදිරිපත් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන බවුසරය වහලය උඩ . . .

Sat May 6 , 2023
කොළඹ සිට හපුතලේ දක්වා ඩීසල් රැගත් තෙල් බවුසරයක් අද (06) අලුයම  2.30 ට පමණ හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ දී පාරෙන් ඉවතට පැන නිවසක් මතට පෙරළීමෙන් එහි රියදුරු සහ සහයක තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි. බවුසරය පෙරළීමෙන් පසු ඉන් වෑහුණු තෙල් ප්‍රදේශවාසීන් විසින් එකතු කර ගන්නා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x