ඩෙංගු මදුරුවා සක්‍රියවේ . . .

දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 31,000 ඉක්මවන බවය.

වාර්තා වන රෝගීන්ගෙන් 25%ක් පමණ පාසැල් ළමුන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක,

“දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨස 55ක් අධි වසංගත තත්වයක් බවට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස නම්කරලා තියෙනවා. ඒ වගේම ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන දත්ත අනුව ඩෙංගු මරණ 15ක් වාර්තා වෙනවා. රෝහලකට දරාගන්න පුළුවන් සංඛ්‍යාව 600ක් පමණ වෙනවා ශ්‍රී ලංකාය තුළ. නමුත් මෙවන විට රෝගීන් 2,000කට අසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. එම වාර්තා වන රෝගීන්ගෙන් 25%ක්ම වාර්තා වෙන්නේ පාසල් යන වයසේ දරුවන්. එම නිසා පාසල්වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පෞද්ගලික උපකාරක පංතිවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට අපි අනිවාර්යෙන් පියවර ගන්න අවශ්‍යයි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේවන විට චක්‍රලේඛනයක් නිතුත්කරලා තියෙනවා පාසල්වල විදුහල්පතිවරන් සඳහා ඩෙංගු කමිටු සක්‍රීය කරන්න කියලා. ඒ වගේම ඩෙංගු කමිටු සක්‍රීය කරලා විතරක් වැඩක් නැහැ. මේකට අදාළව ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකකස් කරන්න ඕනේ.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගිනි අවියක් නිසා ගුවන්ගමන ප්‍රමාදවේ . . .

Sun May 7 , 2023
කටුනායක සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ආරක්ෂක නිලධාරීවරයා ( Sky Marshall) සිය උණ්ඩ පිරවූ ගිනි අවිය  සමග කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය (Transit Passenger Terminal) වෙත පැමිණ සිටියදී ,කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් භාරයට ගැනීම නිසා එම ගුවන් යානය පිටත්ව යාම පැය හතරකින් පමණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x