තරුණයින් රැවටූ කාන්තාව අත්අඩංගුවට . . .

රුමේනියාවේ රැකියා අවස්ථා ලබාදෙන බවට පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ති‌බේ. කොලොන්න ප්‍රදේශයේ පදිංචි එම කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක් රැඳී සිටිය දී එලෙස අත්අඩංගුවට පත්ව තිබුණි.

එම කාන්තාව විසින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් 5දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් වංචා කළ ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත. මුදල් වංචාවට හසුවූ තරුණයින් විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත යොමු කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

රුමේනියාවේ සුපිරි වෙළෙඳසැලක මාසයකට රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක වැටුපකට රැකියාවට යවන බව පවසමින් අදාළ කාන්තාව එම තරුණයින්ගෙන් මුදල් වංචාකර ඇත. මාස හතරක කාලයක් තිස්සේ මුදල් ගත් අදාළ කාන්තාව තමන් රවටමින් සිටි බවත් එය වංචාවක් බව වැටහී ගිය බැවින් තමන් කාර්යාංශය වෙත පැමිණිලි කළ බවත් වංචාවට හසුවූ තරුණයින් පවසා තිබේ.

එමෙන්ම එම පිරිසගේ ගමන් බලපත්‍ර සහ ඔවුන් සතු සහතික පත් අදාළ කාන්තාව විසින් ලබාගෙන ඇය විසින් එම ලියකියවිලි සඟවාගෙන තමන් වෙත නැවත භාරනොදී මඟහැර සිටි බවත් අදාළ තරුණයින් පැමිණිලි කර ඇත. ඒ අනුව විමර්ශනය කිරීමේදී රැකියා සඳහා ශ්‍රමිකයින් විදේශගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රයක් නොමැතිව එම කාන්තාව මෙම මුදල් වංචාවේ නිරත වී ඇති බව අනාවරණය කරගෙන තිබේ.

වංචාව සිදුකළ කාන්තාවට විරුද්ධව ගොනුකළ පැමිණිල්ල පසුගිය 02 වනදා විභාගයට ගත් දින කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අදාළ කාන්තාව එළඹෙන 16 වනදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අධිවේගී මාර්ගයේ බිහිසුණු රිය අනතුරක් . . .

Sun May 7 , 2023
  එකම පවුලේ පිරිසක් ගමන් කරමින් සිටී වෑන් රථයක් සහ මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කිලෝ මිටර් 8 දශම 4 වෙනිවැල්කොල ප්‍රදේශයේ දී අද( 7) දහවල් එකිනෙක ගැටී පෙරළීමෙන් කුඩා දරුවෙකු ඇතුළු පස් දෙනෙකු  තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී  රථවාහන පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර පිරිමි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x