මන්ත්‍රී පුත්‍රයා පැදවු V8 රිය විදුලි කණුවක ගැටෙයි . . .

පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි  සිසුවකු  පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක  ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට  නිල නොවන තොරතුරු ලැබී ඇත. අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් රථය පැදවූ සිසුවා කම්පනයට පත්ව  පුද්ගලික රෝහලකට ඇතුළත් ව ඇත.

වැල්ලවත්ත සිට කොල්ලුපිටිය දෙසට මුහුදු මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය මාර්ගයේ සිදුකර තිබූ කැණීමක් බේරීම සඳහා දකුණු පසට ගැනීමේදී ලිස්සා ගොස් දකුණු පස නවතා තිබූ මෝටර් රථ දෙකක ගැටි අනතුරුව විදුලි කණුවක ගැටී මෙම අනතුර වී ඒ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ සිව් දෙනෙකු ගමන් කර ඇති අතර නවතා තිබූ මෝටර් රථ දෙකේ කිසිවකු සිට නැතැයි පොලිසිය කියයි.‍ෙඅනතුරින් වාහන තුනට සහ විදුලි කණුව බරපතල අලාභ සිදු වී ඇත.

සරසවි සිසුවා පැද වූ සුඛෝපභෝගී මෝටර් රථය වාහනවල ගැටීමෙන් අනතුරුව අඩි කීපයක් උඩින් යන අයුරු අසල සවිකර තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී ඇතැයි පොලීසිය කියයි.

  • බිමල් ශ්‍යාමන් ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩෙංගු මදුරුවා සක්‍රියවේ . . .

Sun May 7 , 2023
දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක ඩෙංගු අධි වසංගත තත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 31,000 ඉක්මවන බවය. වාර්තා වන රෝගීන්ගෙන් 25%ක් පමණ පාසැල් ළමුන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x