ව්‍යාජ මුදල් නොට්ටු සමග විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට . . .

රුපියල් 5000 සහ 500 ව්‍යාජ මුදල් නොට්ටු රුපියල් 1,263,500 ක මුදලක් සමගින් යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකු සහ තවත් අයෙකු (06) පලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට පලෙයි පොලීසිය පැවසීය.

පලෙයි පොලීසිය විසින් පලෙයි ප්‍රදේශයේදී යොදවා ඇති සෝදිසි මුරපොළකදී පොලිස් නිලධාරීන් යුදහමුදාවේදී සහය ඇතිව සැකකටයුතු යතුරුපැදියක් සහ ත්‍රී රෝදරථයක් නවත්වා සිදුකරන ලද සෝදිසියකදී අදාල ව්‍යාජ මුදල් තොගය ත්‍රී රෝද රථයේ සඟවා තිබියදී සොයාගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රධාන සැකකරු යාපනය විශ්වවිද්‍යාලයේ කලා අංශයේ තුන්වන වසර ඉගෙනුම ලබන සිසුවෙකු වන අතර ඔහු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිට යාපනයට පැමිණ යාපනයේ සිට තවත් සැකකරුවෙකුගේ ආධාරයෙන් අදාල ව්‍යාජ මුදල් කිලිනොච්චිය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සඟවා තිබූ රුපියල් 5000 ව්‍යාජ මුදල් නොට්ටු 250 ක් සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නොට්ටු 27 ක් තිබී සොයාගනු ලැබීය. අදාල ව්‍යාජ මුදල් නොට්ටු සැකකරුවන් විසින් කුමන අරමුණක් වෙනුවෙන් රැගෙන ගියේද සහ මුදල් නොට්ටු සාමාන්‍ය ජනතාව අතර හුවමාරු වී ඇත්දැයි යන්න සෙවීම පිළිබඳවද පරික්ෂණයක් අරඹා ඇතැයිද පොලීසිය පවසයි.

පලෙයි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ. කුලරත්න මහතාගේ ප්‍රධානතවයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීඹට පියවර ගෙන ඇතැයිද පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

  • වන්නි රොමේෂ් මධුෂංඛ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මන්ත්‍රී පුත්‍රයා පැදවු V8 රිය විදුලි කණුවක ගැටෙයි . . .

Sun May 7 , 2023
පෞද්ගලික විශ්ව විද්‍යාලයක 18 හැවිරිදි  සිසුවකු  පදවාගෙන ආ වි 8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් බම්බලපිටිය මුහුදු මාවතේදී මෝටර් රථ දෙකක හා විදුලි කණුවක  ගැටී අනතුරට පත්ව ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. එම සරසවි සිසුවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු බවට  නිල නොවන තොරතුරු ලැබී ඇත. අනතුරින් කිසිදු පුද්ගලයකුට තුවාල සිදු වී නැති අතර ජීප් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x