යුපුන් අබේකෝන් ට සුපිරි ජයක් . . .

2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි.

ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහභාගි විය.

එම ඉසව්වේදී යුපුන් අබේකෝන් පස්වන මංතීරුවේ තරග වැදුණු අතර ආරම්භයේ සිටම සාර්ථකව ධාවනයේ යෙදුණු යුපුන් එම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේය.

ඒ සඳහා ඔහුට තත්පර 20.60 ක කාලයක් ගතවිය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පවිත්‍රා ජනතාවගෙන් සමාව ඉල්ලයි . . .

Mon May 8 , 2023
පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීමට ගත් තීන්දුව වැරදි තීන්දුවක් බව ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. ඒ සම්බන්දයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද ඇය පැවසීය. කෙසේ නමුත් පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයකු පත් කරගැනීමටත් සඳහා ලැබුණු අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා ගැනීමට නිවැරදි තීන්දුවක් පක්ෂය විසින් ගන්නා ලද බව ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x