ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති ගුවන් ගමන් පාලක අර්බුදය . . .

 

ගුවන් යානා මෙහෙයුම් කටයුතු සදහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වන විට එහි සේවයේ නියුක්ත වන්නේ පාලකවරුන් 79 දෙනෙක් පමණක් බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම සේවාව ලබාදීමේදී ගැටළුකාරී තත්වයකට මුහුණදී ඇති අතර දැනට රාජකාරි කටයුතු කරනු ලබන නිළධාරින්ට පැය 24 ම සේවයේ නිරතවීමට සිදුව තිබෙනවා.

කටුනායක, මත්තල, රත්මලාන, යාපනය, මඩකලපුව යන ප්‍රදේශවල ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගෙන් සිදු කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ගුවන් ගමන් පාලකවරුන්ගේ අර්බුදය විසඳීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම අදාළ පුරප්පාඩු සම්පූර්ණ කිරීම සදහා ලබන 16 වනදා පුහුණුව සඳහා ආධුනිකයින් 50 දෙනෙකු බදවා ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

යුපුන් අබේකෝන් ට සුපිරි ජයක් . . .

Mon May 8 , 2023
2023 තරග වාරය සඳහා සාර්ථක ආරම්භයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් විය. ඒ, ඔහු මේ වසරේ සහභාගිවූ පළමු ධාවන තරගයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමිනි. ඉතාලියේදී ඊයේ (07) පැවති ”FIRENZE SPRINT FESTIVAL” ජාත්‍යන්තර මලල ක්‍රීඩා උලෙළේ පිරිමි මීටර 200 ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x