ජනවාර්ගික ගැටුම්වලින් ඉන්දියාව ඇවිලෙයි . . .

ඊසාන දිග ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ජනවාර්ගික ගැටුම්වලින් බොහෝ පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මැර කණ්ඩායම් විසින් නිවාස, වාහන, පල්ලි සහ පන්සල්වලට ප්‍රහාර එල්ල කරන බව එරට බලධාරීහු සඳහන් කළේ ය.

ඒ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම්වලට එරෙහිව ආදිවාසී ප්‍රජාවන් විරෝධතා රැලියක් පැවැත්වීමෙන් පසුව පසුගිය සතියේ ප්‍රචණ්ඩත්වය ආරම්භ විය.

මේ අතර, ප්‍රාන්තයේ ජනගහනයෙන් 53%ක් වන Meitei ප්‍රජාවේ සාමාජිකයන් විසින් ඔවුන්ට වනාන්තර ඉඩම්වලට ප්‍රවේශය ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. මනිපූර්හි තත්ත්වය පාලනය කර ඇති අතර සාමය පවත්වා ගැනීම සඳහා හමුදා භටයන් දහස් ගණනක් ප්‍රාන්තයේ යොදවා ඇත.

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අතර අන්තර්ජාල සඳහා ප්‍රවේශ වීමේ පහසුකම ද අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක තවමත් නොසන්සුන්කාරී තත්ත්වයක් පවතියි.

කෙසේවෙතත්, මහාරාෂ්ට්‍ර සහ ආන්ද්‍ර ප්‍රදේශ් වැනි ඇතැම් ප්‍රාන්තවලින් ඉවත්වන අය සඳහා විශේෂ ගුවන් ගමන් සංවිධානය කර තිබෙනවා.

දර්ශන අයිතිය – Al Jazeera English Y-Tube Channel

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩ වර්ජනයක . . .

Tue May 9 , 2023
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ, චෝදනා ලබා සිටින පුද්ගලයෙකුට වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර පිරිනැමීමට විරෝධය පලකිරීමක් ලෙසිනි. ඒ අනුව අද රාත්‍රී 12 සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කොට ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x