පසුගිය වෙසක් පොහෝ දින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කඩල දන්සලේ කඩල බෙදීමට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ බිරිඳ සශි විරවංශ සහභාගී වී සිටියා. එය මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ ද දැඩි උපහාසයට ලක්වී තිබුණා.  ඊට දින කිහිපයකට පෙර බැසිල් රාජපක්ෂ ගෙන් විමල්ට ලැබුණු දුරකථන ඇමතුම පිළිබඳ පුවතත් අනාවරණය වීමෙන් අනතුරුව […]

රටේ පවතින ඩොලර් හිඟයට ප්‍රධාන විසඳුමක් වශයෙන් සංචාරක පැමිණීම අරමුණු කරගනිමින් , සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති සම්පත් ප්‍රසන්න ප්‍රනාන්දු  අවධාරණය කරයි. එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය අධ්‍යන කටයුතු සිදුකරමින් සිටින බවයි ඔහු කියා සිටියේ. මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ, […]

හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැණින. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී ය. මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ කලහකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වී ඇති […]

බෝසත් ජානක නමින් පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නම් පුද්ගලයා පිළිකා රෝගියෙකු පිරිත් බලයෙන් සුව කරන බව පවසමින් ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇතැයි ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලිකරු සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි තම පියා පිරිත් බලයෙන් සුවපත් කරන බව පවසන […]

මේ දිනවල මන්නාරම දිස්ත්‍රීක්කයේ ඉගෙනුම ලබන පාසල් ළමුන්ට ආරක්ෂක අංශ වලින් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. ඒ, මන්නාරම දිස්ත්‍රීක්කයේ ඉගෙනුම ලබන පාසල් ළමුන්ව කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සහයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟයි. පසුගිය දිනක වෑන් රියකින් පැමිණි කිසියම් නාදුනන පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම […]

මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්ථනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමිසම පවසනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට (11) දිනයේ සිට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. එහි පළමු අදියර යටතේ පෙට්‍රල් ත්‍රිරෝද රථ 300 ක් මෙලෙස විද්‍යුත් ත්‍රිරෝද රථ ලෙස පරිවර්ථනය […]

  අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු  කිරීමට අපේක්ෂා කෙරෙන බවයි. මෙම ව්‍යාපෘතිය පළමුව අදියර […]

දෙහිවල – රෝහල්පාරේ පිහිටි වායු සමීකරණ යන්ත්‍ර අලු‍ත් වැඩියා කරන ස්ථානයකට අනවසරෙන් ඇතුළු වූ බව පවසමින් පිරිසකගේ පහරකෑමට ලක්ව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයා ඉන් පලාගොස් තිබෙන බව වාර්තා වනවා. මොහු ඇතුළු තවත් අයෙකු ඊයේ (09) අලුයම් කාලයේ මෙම ස්ථානයට ඇතුලු වූ බව පවසමින් පුද්ගලයින් පිරිසක් ඔවුන්ට පහර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.