මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන්ට විශේෂ ආරක්‍ෂාවක් . . .

මේ දිනවල මන්නාරම දිස්ත්‍රීක්කයේ ඉගෙනුම ලබන පාසල් ළමුන්ට ආරක්ෂක අංශ වලින් ආරක්ෂාවක් ලබාදී තිබෙනවා. ඒ, මන්නාරම දිස්ත්‍රීක්කයේ ඉගෙනුම ලබන පාසල් ළමුන්ව කිසියම් පිරිසක් විසින් පැහැර ගැනීමේ උත්සහයක් ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟයි.

පසුගිය දිනක වෑන් රියකින් පැමිණි කිසියම් නාදුනන පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා තිබෙන අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සඟ ප්‍රදේශවාසීන්ට බිය වූ පිරිස අදාල වෑන්රියෙන් පළා ගොස් තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳ අදාල පාසල් ළමුන්ගේ මව්පියන් විසින් මන්නාරම පොලීසියට හා පාසල වෙතට දැනුම් දීමෙන් පසුව පාසල් ළමුන්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

ඒ, අනුව මන්නාරම් නගරයේ පිහිටි පාසල් ඉදිරිපිට මෙන්ම මාවත් වලටත් ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය හා යුද හමුදාව යොදවා තිබෙන අතර විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එක්ව ළමුන් දැනුවත් කොට ඇත්තේ පයින් යන්නේ නම් තනිවම පාරේ ගමන් නොකරන ලෙසටත් කණ්ඩායම් වශයෙන් ගමන් කරන ලෙසටත්ය.

එලෙස පාසල් ළමුන් පැහැරගැනීමට උත්සහ දැරූ එම පිරිස කව්රුන්දැයි යන්න මෙතෙක් හෙලිවී නොමැති අතර අදාල සිද්ධිය සම්බන්ධව පුළුල් පරික්ෂණයන් යුදහමුදාව සහ පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බෝසත් ජානකගේ රෝගියෙකු මියයි . . .

Wed May 10 , 2023
බෝසත් ජානක නමින් පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නම් පුද්ගලයා පිළිකා රෝගියෙකු පිරිත් බලයෙන් සුව කරන බව පවසමින් ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇතැයි ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පැමිණිලිකරු සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි තම පියා පිරිත් බලයෙන් සුවපත් කරන බව පවසන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x