බෝසත් ජානකගේ රෝගියෙකු මියයි . . .

බෝසත් ජානක නමින් පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් පවත්වාගෙන යන ජානක සේනාධිපති නම් පුද්ගලයා පිළිකා රෝගියෙකු පිරිත් බලයෙන් සුව කරන බව පවසමින් ප්‍රතිකාර කරමින් සිටියදී මියගොස් ඇතැයි ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

පැමිණිලිකරු සඳහන් කරන්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි තම පියා පිරිත් බලයෙන් සුවපත් කරන බව පවසන මෙම බෝසත් ජානක ගේ පොතුහැර ‍ප‍්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන ගියද අවසානයේදී එම ප්‍රතිකාර හේතුවෙන්ම පියා මියගිය බවයි.

සේනාධිපති නමැත්තාගේ ප්‍රතිකාරවලින් රෝගී තත්ත්වය උත්සන්න වීම මත කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා මියගොස් ඇති බවද ජානක සේනාධිපති නමැත්තාගෙන් නොසැලකිලිමත්කම හේතුවෙන් පියා මිය බව ද ඔහු චෝදනා කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාකිස්තානයේ කලහකාරී තත්ත්වයක් . . .

Wed May 10 , 2023
හිටපු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (09) අත්අඩංගුවට ගැණින. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකට පෙනී සිටීමට ඉස්ලාමාබාද් අධිකරණය වෙත පැමිණි අවස්ථාවේ දී ය. මේ අතර, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ කලහකාරී තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x