පකිස්ථාන අගමැති නිවසට බොම්බ ප්‍රහාරයක් . . .

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තාවන් වැඩිදුරටත් සඳහන් කළේ, අත්අඩංගුවට ගැණුනු පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

පකිස්ථාන තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ 500 කට අධික පිරිසක් අග්‍රාමාත්‍යවරයාගේ නිවස පිහිටි ලාහෝර් නගරයට කඩා වැදී වාහන කිහිපයකට ගිනි තබා ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ. මේ අතර විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය ෂෙබාබ් ෂරීෆ්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව පංජාබ් පොලීසිය සඳහන් කළා.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට පත්වීමත් සමග ඔහුගේ ආධාරකරුවන් රට පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළා.

මේ වනවිට විරෝධතාකරුවන් 1000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර විරෝධතා අතරතුරු පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලීසිය පොලීසි යයි . . .

Thu May 11 , 2023
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත කර තිබූ යතුරුපැදියක ප්‍රධාන විදුලි පහන සහ පැති කණ්නාඩි කිහිපයක් සොරාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි. පොල්හේන්ගොඩ පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භූමියේ නතර කර තිබියදී මෙම සොරකම සිදුව ඇත. මේ පිළිබඳව එම කොට්ඨාශයේ ප්‍රවාහන අංශයේ සේවය කරන සැරයන්වරයෙකු විසින් පොලිසියට පැමිණිලි කර තිබේ. මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x