දිනයක් සහ වේලාවක් වෙන්කර පාස්පෝට් ගන්න එන්න . . .

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කර නොගත් කිසිවෙක් එම දෙපාර්තමේන්තුවට නොපැමිණෙන ලෙස ඉල්ලා සිටින බවත් දිනයක් සහ වේලාවක් වෙන්කරගත් සහ හදිසියේ විදේශ ගමන්බලපත්‍රය අවශ්‍ය යැයි ලේඛණ ඉදිරිපත් කළ හැකි පුද්ගලයන්ට පමණක් එම දෙපාර්තමේනතුවට පැමිණිය හැකි බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය අද (12) පැවසීය.

ජනතාවට අපහසුතාවකින් තොරව විදේශ ගමන් බලපත්‍රය ගැනීම සදඟා ක්‍රමවේදයක් ඉදිරි සති දෙක තුන තුළ සකස් කරන බව කී ඉලුක්පිටිය හදිසි අවශ්‍යතාවක් සම්බන්ධයෙන් ලේඛණ පරික්‍ෂා කිරීමෙන් පසුව ඒ පිළිබඳව සෑහීමකට පත්වූවහොත් පමණක් එම පුද්ගලයා පරිශ්‍රයට ඇතුළත් කරගන්නා බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

විදේශ ගමන්බලපත්‍රය ලබාගැනීම සඳහා මේ දිනවල බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය තුළ ඇති වී තිබෙන තදබදය පිළිබඳව අදහස් දක්වමින් ඉලුක්පිටිය එසේ පැවසීය.

  • යොහාන් භාසුර

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දියළුම ඇල්ල උඩ අලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්‍ෂයට . . .

Fri May 12 , 2023
කොස්ලන්ද උඩ දියළුම දියඇල්ල අසල කඳවුරු බැඳගෙන සිටි  යුවළකට අද( 12) අලුයම එල්ල වූ වන අලි ප්‍රහාරයකින් තරුණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තරුණයා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද කොස්ලන්ද පොලීසිය කියයි.  මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මාතර කැකනදුර පදිංචි වී සිටි ජී තරූෂි නමැති 23 හැවිරිදි තරුණියකි. තුවාල ලබා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x