පොලිස් අණ නොතකා පළා ගිය රථයට වෙඩි . . .

කීර්තිබණ්ඩාර පුර පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ අණ නොතකා පළා යමින් සිටි මෝටර් රථයකට නිලධාරින් විසින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි ප්‍රහාර හමුවේද නොනවත්වා ධාවනය වූ මෝටර් රථය කිලෝමීටර 20ක පමණ දුරක් පළාගොස් ඇති අතර පසුව නිලධාරීන් විසින් එම රථය ලුහුබැඳ කොටු කරගෙන තිබෙනවා.

එම රථය තුල සිටි පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයන් තිදෙනා මත්ද්‍රව්‍ය ජාවම්කරුවන් බවත් ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20ක් ද සොයාගත් බව පොලීසිය වාර්තා කර තිබෙනවා.

එසේම ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයක පොලොන්නරුව ප්‍රදේශයේ ජාවාරම මෙහෙයවු ලබන්නේ මොවුන් තිදෙනා බවත් පොලිස් මූලික විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බුද්ධි තොරතුරක් හේතුවෙන් කොළඹ ආරක්‍ෂාව දැඩිවේ . . .

Sat May 13 , 2023
පොලිස් කැරලි මර්දන ඒකකය කැඳවමින් අද පෙරවරුවේ සිට කොළඹ විශ්ව විද්‍යාලය අවට දැඩි ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ, රජයට දැඩි බලපෑමක් කිරීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට ලද බුද්ධි තොරතුරක් හේතුවෙන්. මේ අනුව කොළඹ නිදහස් චතුරශ්‍රය සහ අවට ප්‍රදේශය, කොල්ලුපිටිය මංසන්ධිය අවට ප්‍රදේශය, අරලියගහ මන්දිරය අවට ප්‍රදේශය සඳහාද විශේෂ ආරක්ෂාවක් යොදවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x