මත්පැන් සහ බියර් මිල පහළට . . .

ලබන ජුනි මාසයේ සිට මත්පැන් සහ බියර් මිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය සූදානම් වන බවයි වාර්තා වන්නේ. ඒ, මත්පැන් සහ බියර් අලෙවිය 40% කින් අඩුවීම නිසා සුරාබදු ආදායම අඩුවීම හේතුවෙන්.

මෙම වසරේ ආරම්භයේ සිට මත්පැන් සහ බියර් අලෙවිය සීඝ්‍ර ලෙස පහත වැටෙමින් තිබෙන බව නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. එලෙස අලෙවිය පහත වැටීමට හේතු වී ඇත්තේ මිල අධිකවීම බව නිෂ්පාදන සමාගම් පවසන්නේ.

මේ පිළිබඳ මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය සහ නිෂ්පාදන සමාගම් අතර සාකච්ඡා පසුගිය සතියේදී පැවැත් වූ අතර එහිදී ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බදු සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර සුරාබද්ද අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ඒ, අනුව සුරා බද්ද රුපියල් 2000 කින් අඩු කරන ලෙස නිෂ්පාදන සමාගම්ද මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

මත්පැන් මිල අධික වීම නිසා ජනතාව නීති විරෝධී මත්පැන් භාවිතයට වැඩි වශයෙන් හුරු වී ඇති අතර ඒ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයද වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

එම වාර්තාවට අනුව නීති විරෝධී මත්පැන් භාවිතයෙන් ජනතාව රෝගී වීම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය බරද වැඩි විය හැකි බව මුදල් අමාත්‍යාංශ සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇත.

මත්පැන් හා බියර් නිෂ්පාදනය ද පහත වැටී ඇති අතර දේශීයව නිෂ්පාදනය කරන ලද එතනෝල් ද ලීටර් ලක්ෂ පහළොවක් ගබඩාවල ඇති බව ලංකා සීනි සමාගමේ සභාපති සාරද සමරකෝන් ප්‍රකාශ කළා.

මත්පැන් හා බියර් අලෙවිය වැඩිකර සුරාබදු ආදායම් ගැනීම සුරාබද්ද අඩුකරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවද මුදල් අමාත්‍යාංශයට යෝජනා කර ඇති අතර එසේ නොමැති නම් මත්පැන් සැර 20%කින් අඩු මත්පැන් වර්ගයක් නිෂ්පාදනය කිරීමට පියවර ගත යුතු බවද සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කළ බව සුරාබදු මාධ්‍යය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසනවා.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA සහිත දරු උපතක් . . .

Sat May 13 , 2023
පුද්ගලයින් තිදෙනෙකුගේ DNA උපයෝගී කරගනිමින් පළමු වරට එක්සත් රාජධානියේ දී දරුවෙකුට උපත ලබාදී තිබේ. මෙම දරු උපත සඳහා DNA වලින් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ දරුවාගේ මව්පියන්ගෙන් වන අතර 0.1%ක් පමණ තෙවන පරිත්‍යාගශීලී කාන්තාවගෙන් ලබාගෙන ඇති බව වාර්තා වෙයි.  “mitochondrial disorder” නම් භයානක රෝගයන්ගෙන් යුක්තව දරුවන් ඉපදීම වැළැක්වීම මෙම ක්‍රමවේදයේ අරමුණ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x