ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිතාවට වැට . . .

ආචාර්ය, මහාචාර්ය තනතුරු අවභාවිත කිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නීතිමය වැඩපිළිවෙළක් සකස් කරන්නැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නීතිමය බලයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නැතැයි එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග එම කමිටුවට පසුගියදා දැනුම් දුන්නේය. කමිටුව ඉහත උපදෙස් ලබාදුන්නේ ඒ අනුවය.

යමෙකුට මහාචාර්ය තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාලයකින් ලබාදී ඇත්නම් පමණක් බව සඳහන් කළ අමරතුංග මහාචාර්ය යනුවෙන් හැඳින්වෙන්නේ තනතුරක් බැවින් එම තනතුර දැරූ අය විශ්‍රාම ගිය පසු ඒ නාමය භාවිත කළ නොහැකි බවද සඳහන් කළේය.

සම්මානිත මහාචාර්ය පදවි ලබා දිය හැකි පුද්ගලයන් කවුදැයි සඳහන් කරමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයිද ඔහු පැවසුවේය.

මාස දෙකක් මහාචාර්ය පදවිය දරා විශ්‍රාම ගිය පසු මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.

යම්කිසි පුද්ගලයකු ජාතික වශයෙන් ඉටු කළ සේවය සලකා සම්මානිත මහාචාර්ය පදවි පිරිනමන බව පැවසු අමරතුංග කොමිසම නිකුත් කළ චක්‍රලේඛය අනුව මෙවැනි තනතුරක් භාවිත කළ හැක්කේ විශ්වවිද්‍යාල සනාතන සභාව අනුමත කර පාලක සභාව එය පිළිගැනීමෙන් පසුව බවද සඳහන් කළේය.

එසේ පිළිගැනීමෙන් පසු සම්මානිත මහාචාර්යවරයකු ලෙස පෙනී සිටිය හැකි යැයි සඳහන් කරමින් ඔහුට හෝ ඇයට ලිපියක් නිකුත් කෙරෙන බවත් මේ ආකාරයට සම්මානිත මහාචාර්ය තනතුරු ලැබෙන්නේ අතලොස්සකට පමණක් බවත් සම්පත් අමරතුංග පැවසීය.

  • සුජිත් හේවාජුලිගේ)
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම . . .

Sat May 13 , 2023
රුපියල් මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සම්බන්ධයෙන් මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ මැයි 17 වනදා සිදු කරන බව යි. දින 91 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 90,000 ක්, දින 182 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් 45,000 ක් සහ දින 364 කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x