ගිනි නිවීමේ රථ 45ක් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයට . . .

කැලණිය, තොරණ හන්දියේ සිට ගිනි නිවීමේ රථ 45ක් අද (14) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පැමිණ තිබුණි. එම ගිනි නිවීමේ රථ පෑලියගොඩ පිවිසුමෙන් කටුනායක- කොළඹ අධිවේගී මාර්ගය හරහා ගමන් ගෙන නිදහස් චතුරස්‍ර පරිශ්‍රය දක්වා පැමිණ තිබුණේ, “ජාත්‍යන්තර ගිනිනිවීමේ භට දිනය” වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය වෙනුවෙනි.

මේ දක්වා ශ්‍රී ලංකාවේ මෙම දිනය සැමරීමක් සිදුනොකළ අතර මේ වසරේ මැයි මස 14 වනදා එනම් අද, එම දිනය සැමරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබීම විශේෂත්වයකි.

1998 වසරේ දෙසැම්බර් 2වනදා ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතිවූ ලැව් ගින්නක් මැඩ පැවැත්වීමට ගිය ගිනි නිවීමේ භටයින් 5 දෙනෙක් එම ගින්නට හසුවී මියගොස් තිබුණි. ඔවුන් සිහිගැන්වීම උදෙසා සෑම වර්ෂයකම මැයි 14 වන දින ජාත්‍යන්තර ගිනි නිවීමේ දිනය ලෙස නම් කෙරුණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම දිනය අද පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී සමරනු ලැබුවේ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුරගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ශ්‍රී ලංකා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නව වෙබ් අඩවියක් ආර්ම්භ කිරීම ද සිදුවුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහජන බැංකුවට පොලු තැබූ ජාවාරම්කරුවන් . . .

Sun May 14 , 2023
මහජන බැංකුවේ රුපියල් කෝටි දහස් ගණනක දේශපාලන අනුග්‍රහයෙන් පොලු තැබූ ජාවාරම්කරුවන් දස දෙනෙකු පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසින් හෙළිකර තිබේ. ඔහු මේ සම්බන්ධයෙන් තබා තිබූ ෆේස්බුක් සටහන උපුටා ගෙන පහත පළ කරන්නෙමු. මහජන බැංකුව මංකොල්ල කෑ ලංකාවේ මහා ජාවාරම් කරුවන් 10 දෙනා……….. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x