සාමාන්‍ය පෙළ වෙනුවෙන් පෙර සූදානම් සැලැස්මක් . . .

අද (15) විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර වෙත සාමාන්‍ය පෙළ විභාග කාලසීමාව තුළ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම වෙනුවෙන් සකස් කරන ලද හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම නිල වශයෙන් භාර දී තිබේ. එම සැලැස්ම බාර දුන්නේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනෙරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසංහ  විසිනි.

එනම්, නිරිතදිග මෝසම් කාල සීමාව තුළ ඇතිවිය හැකි ආන්තික කාලගුණික තත්ත්වයන් නොසලකා හැරිය නොහැකි බැවින් මෙවර සාමාන්‍ය පෙළ විභාග පැවැත් වෙන කාල සීමාව තුළ ආපදාවලින් බාධාවක් නොවී විභාගය පවත්වා ගෙන යාම සඳහා හදිසි ප්‍රතිචාර යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ආපදා පූර්ව සූදානම අත්‍යවශ්‍ය කරුණකි.

එමෙන්ම ඩෙංගු උවදුර හේතුවෙන් විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවිය හැකි බලපෑම වළක්වා ගැනීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ද අත්‍යවශ්‍ය වේ.

එම කරුණු පිළිබඳ අවධානය යොමු කරනමින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ ආපදා හේතුවෙන් ඇතිවිය හැකි බාධා වළක්වා ගැනීම සඳහා විශේෂ ඒකාබද්ධ වැඩපිළිවළක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කෙරිණි.

මෙහි දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව අනෙකුත් පාර්ශවකාර ආයතන එක්ව ආපදා හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට ඇතිවිය හැකි බාධා අවම කරගැනීම සඳහා අවශ්‍ය මෙම ආපදා පෙර සුදානම් සැළස්ම සකස් කිරීමට පියවර ගෙන තිබේ.

එම සැළසුම තුළින් මෙවර සාමාන්‍ය පෙළ විභාග කාල සීමාව තුළ දී ආපදා හේතුවෙන් සිසුන්ට මුහුණුදීමට සිදුවිය හැකි බාධා මඟ හැරගනිමින් විභාගයට මුහුණදීමට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ.

ඒ සදහා හදිසි ප්‍රතිචාර දැක්වීමේ සම්බන්ධීකරණ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම හා සියලු පාර්ශ්වකාර ආයතන විසින් ඉටු කළ යුතු කාර්ය භාරය වෙන් වෙන් වශයෙන් මෙම සැලසුම තුළ අන්තර්ගත කර ඇත.

ඊට අමතරව යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවක් ඇති වී ඇති නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක 117 හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ස්ථාපිත කර ඇති සම්බ්නධීකරණ කාර්යාලය අංක 1911 යන දුරකථන අංක මගින් විභාගයට පෙනී සිටි සිසු දරුවන්ට ආපදා හේතුවෙන් මුහුණපෑමට සිදුවන බාධා මඟහරවා ගැනීම උපයෝගී කර ගත හැකිය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද අගමැති කරන්න දිනේෂ්ට අස්වෙන්න කියයි . . .

Mon May 15 , 2023
අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට යෝජනා කර ඇති බව ඉහළ දේශපාන කවයන්හි සාකච්ඡා වෙමින් ඇත. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ගේ පාර්ශවයෙන් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද එම ආරංචි මාර්ග කියයි. අග‍්‍රාමාත්‍ය ධුරයේ මහින්ද රාජපක්ෂ  නැවත පත් කිරීම සඳහා අවස්ථාව සලසා දෙමින් මෙම ඉල්ලා අස්වීම සිදු කරන ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x