උපසම්පදා උත්සවයට එල්ලවූ විරෝධතාවය . . .

ත්‍රිකුණාමලය ගාන්ධි වෙරළ තීරය අසල දී ඊයේ දිනයේ පැවැත්වීමට සංවිධානය කර තිබූ සියම් උපසම්පදාවේ දෙසිය හැත්තෑ වන සැමරුම් උත්සවය දෙමළ දේශපාලන පක්ෂවල හා යාපනය විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා නිසා නවතා දැමීමට සිදුව තිබේ.

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජෙන්ද‍්‍රන්, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් විසින් මෙම උත්සවය කඩාකප්පල් කර ඇත.

මෙම උත්සවය ආරම්භ කිරීමට පෙර එම ස්ථානයේ මෙම විරෝධතා පැවැත්වීම මත පොලිසිය විසින් ආරක්ෂාකාරීව තායිලන්ත භික්ෂූන් පිරිස ස්ථානයෙන් ඉවත් කරගෙන තිබේ. විරෝධතාකරුවන් ද එම ස්ථානයෙන් ඉවත් කරන ලද ලදුව පසුව ඔවුන් ත්‍රිකුණාමලය නගරයේ විරෝධතා පැවැත්වීමට කටයුතු කළහ.

විරෝධතාවය මත ගාන්ධි වෙරළතීරයේ බෝධීන් වහන්සේලා අසල පිරිත් සජ්ඣායනය හා පාද චාරිකාව පැවැත්වීමෙන් පසු භික්ෂූන් වහන්සේලා ජයසුමනාරාමය වෙත බස්රථවලින් රැගෙන ගොස් තිබේ.

මේ අතර කොළඹ තායිලන්ත තානාපති වරයා වෙත ලිපියක් යවමින් දෙමළ සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ද පවසා ඇත්තේ තායිලන්ත භික්ෂුන් වහන්සේලා විසින් ත‍්‍රිකුණාමලයේ බුදු පිලිම තැන්පත් කිරීමෙන් වළකින ලෙසයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බුදුන්ට අවමන් කල ජෙරොම් ප්‍රනාන්දු . . .

Mon May 15 , 2023
දිවැසිවරයෙකු බව කියන ජෙරොම් ප්‍රනාන්දු නැමැත්තා විසින් බුදුරජාණන් වහන්සේ පිලිබද අවමන් සහගත ප්‍රකාශයක් කිරීම පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති විදුර වික්‍රමනායක සඳහන් කරයි. කිසිම ආගමකට අපහාස කිරීමට කිසිවකුට ඉඩක් නොතබන බවත් පවසන අමාත්‍යවරයා ජෙරම් ප්‍රනාන්දු විසින් බුදුන් වහන්සේට හා බෞද්ධාගමට එරෙහිව සිදුකරන දේශනාවක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x