මෙහෙණියගේ හිරිහැර නිසා පැනගිය දැරියන් පරිවාසයට . . .

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ආරාමයක සිටියදී එයින් පළා යාමෙන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු අවුරුදු 7ක් සහ 8ක් වූ ගැහැණු දරුවන් තිදෙනෙකුව මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක තාවකාලිකව රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු 11 වන දා පස්වරුවේදී නියම කළා ය.

ආරාමයේ මෙහෙණින් වහන්සේගෙන් හිරිහැර කරදර වන බව පවසා මෙම දැරියන් තිදෙනා ඔවුනට අයත් ඇඳුම්, පාසල් පොත් සහ උපකරණ බෑගයක දමාගෙන ආරාමය ආසන්නයේ පිහිටි නිවසකට ගොස් ඔවුන්ගේ නිවස්වලට රැගෙන යන ලෙස ඉල්ලා ඇති බව පොලිසිය පවසයි.

ඉන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු දරුවන් තිදෙනාව පොලිසිය මගින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත 11 වන දා ඉදිරිපත් කර තිබේ.

දැරියන් තිදෙනාව පරීක්ෂා කර ඇති ගම්පහ දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි රවින්ද්‍ර ජී. උඩුගමගේ දැරියන් තිදෙනාගේ සිරුරේ සීරිම් හෝ තැළීම් තුවාලයක් නොමැති බවට වෛද්‍ය වාර්තාවක් ලබා දී ඇති බවට දැරියන් තිදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කළ මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප.පො.ප. එම්. කේ. රමනි නිලධාරිනිය අධිකරණය හමුවේ පැවසීය.

එසේ ම, දැරියන් තිදෙනා සම්බන්ධයෙන් සම්පූර්ණ පරිවාස වාර්තාවක් එළැඹෙන 24 වන දාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද පරිවාස නිලධාරි වෙත අධිකරණයෙන් නියම කෙරිණි. මෙම දැරියන් තිදෙනා මිනුවන්ගොඩ, කෑගල්ල සහ නිකවැරටිය යන ප්‍රදේශවල ස්ථීර පදිංචිකරුවන් බව අධිකරණයේදී සඳහන් විය.

දැරියන් තිදෙනාගේ ම පියා ඔවුන්ව අතහැර ගොස් ඇති බව ත් මවුවරුන් දෙදෙනෙකු විදේශගතව රැකියාව කරන අතර එක් මවක් රෝගී තත්ත්වයෙන් පසුවන බව ත් අධිකරණයේදී වැඩිදුරට ත් සඳහන් විය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැඩිම ඩෙංගු මරණ බස්නාහිරින් . . .

Mon May 15 , 2023
පවතින වර්ෂා තත්ත්වය සමග දිනෙන් දින සිදුවන ඩෙංගු ව්‍යාප්තිය සමග වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ. මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද උදෑසන දක්වා කාලය තුළ මෙරටින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,742 ක් ලෙස සඳහන්ය. ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017 දෙනෙක්ද , ගම්පහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x