වැඩිම ඩෙංගු මරණ බස්නාහිරින් . . .

පවතින වර්ෂා තත්ත්වය සමග දිනෙන් දින සිදුවන ඩෙංගු ව්‍යාප්තිය සමග වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ.

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද උදෑසන දක්වා කාලය තුළ මෙරටින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,742 ක් ලෙස සඳහන්ය.

ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017 දෙනෙක්ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,602 දෙනෙක්ද , කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,984 දෙනෙක්ද වාර්තා වී තිබේ.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයට තහවුරු  කළේය. ඉන් මරණ 7 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. මේ අතර ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 59ක් නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු,

“ඩෙංගු මර්දන ඒකකය විදියට දිවයින පුරා විසිරිලා තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අපි ඩෙංලු අවදානම් කලාප සහ අවදානම් අඩු කලාප වශයෙන් වර්ගීකරණයක් කළා. මෙහිදී ඩෙංගු අවදානම් කලාප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 59ක් මේ වනවිට අපි නම් කරලා තියෙනවා. මෙලෙස නම් කිරීමෙන් මේ ආශ්‍රිත ප්‍රදේශවල ඩෙංගු මර්දන හා වැළක්වීමේ ක්‍රියාකාරකම් යාවත්කාලීන කරලා කාර්යාක්ෂමව මේ කටයුත්ත කිරීම”.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කිරිපිටි සහ සීනි මිල අඩුකරයි . . .

Mon May 15 , 2023
ලංකා සතොස ආයතනය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකර තිබේ. අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 06කින් පහත දැමුනු සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 243කට මිලදි ගත හැකි බවයි එම ආයතනය සදහන් කළේය. එමෙන්ම, ලංකා සතොස ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x