ජාතික උරුමයක් වූ “දන්නෝ බුදුන්ගේ” ගීතය . . .

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතයෙහි පවත්නා සුවිශේෂී හා දුර්ලභ ගුණාංගයන් මත ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම සලකා බැලීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ උපදෙස් මත පත්කළ කමිටුවේ තීරණ අනුව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබිණි.

කමිටු සාධාරණීකරණය අනුව ‘ජාතියේ වින්දනය හා චින්තනය කෙරෙහි ශත වර්ෂයකට අධික කාලයක් අඛණ්ඩව බලපා ඇති මෙම ගීතය, අනාදිමත් කාලයක සිට ජනප්‍රියත්වයට පත්ව ඇත. අඛණ්ඩව භාවිතයට ගෙන ඇති දේශාභිමානය හා ඓතිහාසික විඥානය ප්‍රකට කිරීමට ඉවහල් වී ඇති මෙම ගීතය සංගීත සංස්කෘතිය හැදෑරීමේ දී මූල සාධකයක් වශයෙන් සැලකිය හැකි අතර, එය පරිශීලනය නිර්මාණාත්මක කාර්යන්හි යෙදෙන මෙරට සංගීතවේදීන්ට ආශ්වාදයක් හා ආභාෂයක් වනු ඇත. ජාතියේ සම්භාවනාවට පාත්‍රවූ ගීතයක් ලෙස දේශානුරූපීකරණය ගොඩනැගීමේ දී සුවිශේෂී බලපෑමක් ඇති කරනු ඇත.

තත්කාලීන අනුරාධපුර යුගයේ ඉතිහාසය හා පරිසරය වර්ණිත ඓතිහාසික විඥානය ප්‍රකට කරන මෙය ජෝන් ද සිල්වා ශූරීන්ගේ සිරිසඟබෝ නූර්තියේ (1903) එන ගීතයකි. මෙහි තනු නිර්මාණය විශ්වනාත් ලෞජි ගෙනි. මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව හා වෙනත් අවස්ථාවලදී මෙම ගීතය ජාතික ගීතයක් බඳු ව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි ඇත. මෙම ගීතය ජාතික උරුමයක් බවට පත් කිරීම සඳහා නෛතික හෝ අනිකුත් බලපෑමක් නොවන බව කමිටුවේ දී තීරණය වූ අතර එයට මෙරටට බලපාන බුද්ධිමය නීතිය ද බල නොපානු ඇත.

කමිටුවේ සභාපති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාශයේ ලේකම් රංජිත් අශෝක, කමිටු සාමාජිකයින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ භාග්‍යා කටුදෙණීය, ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජික සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා, හෙළ හවුලේ සභාපති ශ්‍රීනාත් ගනේවත්ත, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, සංගීතඥ ලයනල් ගුණතිලක, විශ්‍රාමලත් අමාත්‍යාංශ ලේකම් කාන්ති විජේතුංග යන අයගෙන් සමන්විත විය.

ලලිත් රෝහණ ලියනගේ
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දින 100ක් දිය යට වාසය කරන විද්‍යාඥයා . . .

Tue May 16 , 2023
දින 100 ක කාලයක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ ගත කිරීමේ උත්සහයක නිරත විද්‍යාඥයෙකු පිළිබඳ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වී තිබෙනවා. ඔහු නමින් ජෝෂප් දිතුරි ය, එසේම ඔහු වෘත්තියෙන් වෛද්‍ය පර්යේෂකයෙකු වන අතර කිමිඳුම් ගවේෂකයෙකු බව ද වාර්තා වී තිබෙනවා. මොහුගේ මෙම පර්යේෂණයේ අරමුණ වෛද්‍ය විද්‍යාව සහ ජලජ පර්යේෂණ සම්මිශ්‍රණය කරමින් දකුණු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x