විදුලි ගාස්‍තුව අඩු කරයි . . .

ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු යෝජනාව ඊයේ (15) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දෙනු ලැබීය.

ඒ අනුව සියයට 3 ක ප්‍රතිශතයකින් විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර තිබෙනවා. විදුලි ජනන දත්ත සහ විකුණුම් දත්ත, ඉන්ධන, ගල් අඟුරු සහ අනෙකුත් අමුද්‍රව්‍ය මිල ගණන් මෙන්ම මෙම වසරේ විදුලි ජනන සැළසුම හා අවශ්‍යතාව සැළකිල්ලට ගනිමින් එම යෝජනාව සකස් කර ඇති බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ය.

ඒ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය.

විදුලි නිෂ්පාදනය සඳහා දැරීමට සිදුවන වියදම් මේ වනවිට පහත වැටී ඇති අතර ඩීසල්, පෙට්‍රල්, ගල් අඟුරු මිල ද පහත වැටී තිබෙනවා.

එමෙන්ම විදුලි ඉල්ලුම ද සියයට 18 කින් පමණ අඩු වී ඇති අතර පවතින තත්ත්වය හමුවේ සියයට 20 කින් පමණ විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව ද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා කියා සිටියේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික උරුමයක් වූ "දන්නෝ බුදුන්ගේ" ගීතය . . .

Tue May 16 , 2023
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා ගීතයෙහි පවත්නා සුවිශේෂී හා දුර්ලභ ගුණාංගයන් මත ජාතික උරුම ගීතයක් ලෙස නම් කිරීම සලකා බැලීම හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ උපදෙස් මත පත්කළ කමිටුවේ තීරණ අනුව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුමැතිය ලැබිණි. කමිටු සාධාරණීකරණය අනුව ‘ජාතියේ වින්දනය හා චින්තනය කෙරෙහි ශත වර්ෂයකට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x